"ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සහ පිවිතුරු සයුරක් සදහා විසදුම් දිරිමත් කිරීම" යන තේමාව යටතේ ජුනි මස 08වනදින සැමරීමට නියමිත ජගත් සාගර දිනයටසමගාමීව මාධ්‍යවේදින් දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩමුළුවක් ජුනි මස 07,08 සහ 09 යන තෙදින ත්‍රිකුණාමලයේදි පැවැත්විය.ශ්‍රි ලංකාවේ සමුද්‍රීය කලාපය, සමුද්‍රීය පරිසරය සහ එහි සුවිශේෂතා,වර්තමානයේ සිදුවන සමුද්‍ර දූෂණයේ ස්වාභාවය සහ එහි බලපෑම,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය,කොරල් ඇතුළු මුහුද පත්ල ගවේෂණය, ජලය තුළ ඡායාරූපකරණය(Underwater photography)පිළිබද ප්‍රායෝගික අත්දැකීම් සහිත මූලික මගපෙන්වීමක් මෙහිදි සිදුකෙරිණි.
න්‍යායාත්මක දැනුම සහ නවාතැන් පහසුකම් ත්‍රිකුණාමල වරායට නුදුරින් ඇති සෝබර් දූපතේ නාවික හමුදාව මගින් පාලනය වන සෝබර් අයිලන්ඩ් රිසෝට්හිදී (Sober Island Resort) ලබා දුන් අතර ස්නෝකල්(snorkel ) මගින් මුහුදු පත්ල නිරීක්ෂණය කරමින් කොරල් ආශ්රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය හදුනා ගැනීම ඇතුළු අනෙකුත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පරෙවි දූපත සහ ඒ ආශ්රිත නොගැඹුරු මුහුදු තීරයේදි සිදු කෙරිණි #
Concurrent to World Oceans day, special three days workshop on Ocean Pollution,Importance of the ocean and underwater photography organized by MEPA for jornalists was successfully concluded at Trincomalee#