Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව

අධ්‍යාපනය සහ දැනුවත්කම

පාසැල් ළමුන්, රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය ජනයා අතර සූදානම සහ දැනුවත් බව වර්ධනය කිරීම.

නැව්වලින් ජනනය වූ කසළ සමුද්‍රයේ පතිත කිරීම හෝ ඉහිරීමෙන් පතිත වීම ඉතා ප්‍රබල පාරිසරික හා ආර්ථික හානි සිදු කිරීම නිතර සිදුවන තත්ත්වයක් පවතී. සමුද්‍රීය කටයුතුවල ඇතිවන නව වර්ධනය සමග ශ්‍රී ලංකාව තෙල් ඉහිරුමකට පාත්‍ර වීමේ අවදානම වැඩි වී ඇත. එබැවින් එවන් අවදානමකට මුහුණ දීමට සූදානම, දැනුවත්කම සහ හැකියාව ශක්තිමත් කිරිම අත්‍යාවශ්‍ය වී ඇත.

විවිධ අංශවල දැනුවත්කම වැඩි කිරීමේ වැඩසටහන් මෙහෙය වීම.
පාසැල් සමුද්‍ර පරිසර කණ්ඩායම්
දැනුවත්කම වැඩි කිරීමේ වැඩසටහන්
ප්‍රදර්ශන ඒකකයක් වර්ධනය කිරිම
ගුවන්විදුලි වැඩසටහන්
දැනුවත්කම වැඩි කිරිමේ ද්‍රව්‍ය බෙදාහැරීම

පාසැල් සමුද්‍ර කණ්ඩායම්

පාසැල් සමුද්‍ර කණ්ඩායම් සමුද්‍රාසන්න දිස්ත්‍රික්ක 07ක, එනම් හම්බන‍්තොට, මාතර, ගාල්ල, කලුතර, කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල පාසැල් 300කට අධික සංඛ්‍යාවක පිහිටුවා පාසැල් ළමුන් අතර දැනුවත්කම වැඩි කිරීමේ වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉටු කරන ලදි. මෙම වැඩසටහන්වලට වැඩමුළු, රැස්වීම්, ක්‍රියාකාරකම් සහ තරඟ ඇතුළත් විය. මෙම කටයුතු පාසැල් ළමුන්ගේ දැනුම වැඩි දියුණු කොට ළමුන් අතර පරිසර හිතකාමි ආකල්ප ඇතිකිරිමේ අරමුණ ඇතිව මෙහෙය වන ලදි.

වැඩසටහනෙහි ස්වභාවය
ඉලක්ක ගත කණ්ඩායම: 6,7,8 සහ 9 ශ්‍රේණිවලින් ළමුන් 25 කාණ්ඩයක් තෝරා ගන්නා ලදි.
වැඩසටහන් ස්වභාවය:දැනුවත්කම වැඩි කිරීමේ වැඩසටහන් පැවැත්වීම. දේශන, වීඩියෝ දර්ශන, පෝස්ටර් තරඟ ආදිය මෙහෙය විම.
පාසැල් 300ක් අතුරෙන් තෝරා ගත් පාසැල් 70ක තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදි. එම ස්ථානවල පරිසරය ගැන තොරතුරු එකතු කර ඇත. (පත්‍රිකා, සඟරා, සිතියම්, සංයුක්ත තැ‍ටි ආදිය)

පරිසර දූෂණය සිදුකිරීමේ විභව්‍යතාවයක් ඇති පිරිස අතර දැනුවත්කම වර්ධනය කිරිම.

ධීවර සමිති මගින් ධීවරයන් සඳහා දැනුවත්කම වැඩි කිරිමේ වැඩසටහන් තවත් එක් ක්‍රියාකාරකමකි.

තව ද හෝටල්කරුවන් අතර ද, එවැනි වැඩසටහන් පැවැත්වේ.

ප්‍රදර්ශන ඒකක:

දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගී වීම වැනි අවස්ථාවන්හී දී ප්‍රදර්ශන කුටි ඉදි කිරීම.

ගුවන්විදුලි වැඩසටහන්:

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය මගින් 'සමුදුර අසිරිය' නම් වූ මිනිත්තු 15ක වැඩසටහනක් ප්‍රචාරය කරන ලදි. මෙම වැඩසටහන මගින් මහාචාර්යවරු සහ විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරුන් ආදීන් සමග සාකච්ඡා ප්‍රචාරය වේ. මෙම වැඩසටහන් පාසැල් ළමුන් අතර ජනප්‍රිය වී ඇත.

දැනුවත්කම වැඩිදියුණු කිරීමේ ද්‍රව්‍ය බෙදා හැරීම.

වර්ග 5ක පත්‍රිකා භාෂා තුනකින් නිකුත් කොට බෙදා හැරීම. (සිංහල, දෙමළ, ඉංග්‍රීසි)
"සමුදුර පුවත්" පුවත් හසුන ත්‍රෛමාසිකව නිකුත් කිරීම.
වාර්ෂිකව "සත් සමුදුර" සඟරාව පල කිරිම.
අවසන් යාවත්කාලීන කිරීම ( 2020 මාර්තු 30 වෙනි සදුදා, 06:13 )  

පුවත් සහ සිදුවීම්

07 more days for the World Ocean Day 07 more days for the World Ocean Day   The World Ocean Day will be held on June 8,   වැඩිදුරටත්
World Ocean Day - Logo Great Ocean,Our Future -2020මහසයුර අපේ ,මතු අනාගතේ-2020உயிர் வாழும் சமுத்திரம் எமது எதிர்காலம்-2020   වැඩිදුරටත්
National Workshop For Awareness Raising on Biofouling Management and National Task Force Meeting National Workshop For Awareness Raising on Biofouling Management and National Task Force Meeting .... 25th & 26th of February 2020 @ Sri La... වැඩිදුරටත්
Extends a very warm welcome to the new Chairman Dharshani Lahandapura Extends a very warm welcome to the new Chairman Dharshani Lahandapura   වැඩිදුරටත්
MEPA started year 2020 in an environmentally friendly manner MEPA started year 2020 in an environmentally friendly manner....   වැඩිදුරටත්
MEPA Cricket Tournament 2019 MEPA Cricket Tournament 2019, On 30th November @ Kirimatiyagara Playground Organize by: MEPA Welfare - Marine Environment Protection Authori... වැඩිදුරටත්
2nd runner-up for the best annual reports and accounts awards for public sector – 2017   Marine Environment Protection Authority is awarded the 2nd runner-up for the best annual reports and accounts awards for public sector – ... වැඩිදුරටත්

බලපත්‍ර හා සේවාවන්