Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව සේවාවන් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවය

අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවය

හැඳින්වීම

සමද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සැපයුම්කරුවන් (කොළඹ හා අනෙකුත් වාණිජ වරායන් වල ක්‍රියාත්මක වන) පහත දක්වා ඇති කාණ්ඩ යටතේ සමද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතුය.

පළමු කාණ්ඩය - තෙල් අපද්‍රව්‍ය
දෙවන කාණ්ඩය - ඝණ අපද්‍රව්‍ය
තෙවන කාණ්ඩය - මල අපද්‍රව්‍ය

කොන්දේසි

01.
ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් නැව්වලින් ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.
02. අපද්‍රව්‍ය කාණ්ඩ එකකට හෝ කීපයකට  සුදුසුකම් සපුරා ඇති ආයතන සදහා වාර්ෂික සේවා සැපයුම් කරුවන් ලෙස අධිකාරියේ ලියාපදිංචි වියහැකිය.
03. නෞකා නියෝජිත, කපිතාන් හෝ හිමිකරු විසින් ඉවත් කිරීමට අපේක්ෂිත අපද්‍රව්‍ය සහ නෞකාව පිලිබදව විස්තර අඩංගු බලය පවරන ලද ලිපිය සමග නිසිලෙස පුරවනලද අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාල ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ බලපත්‍ර ලබාගත හැක.
04. ලියාපදිංචිය අවලංගු වන අවස්ථා.
ලියාපදිංචි සැපයුම්කරුවන් විසින් MP/WRS/4 බලපත්‍රයෙහි සඳහන් කොන්දේසි හා විධිවිධාන පිළිපැදීමට අපොහොසත් වන අවස්ථාවලදී.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග අත්සන් කොට ඇති MP/WRS/5 ගිවිසුම උල්ලංඝණය කොට ඇති අවස්ථාවකදී.
MP/WRS/14 ආකෘතියේ ලබාදි ඇති උපදෙස් පිළිනොපදින අවස්ථා වලදී.

අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව

නැව්තුල ජනනය වන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සඳහා වන කොන්දේසි හා විධිවිධාන.

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය යටතේ මෙම විධිවිධාන පනවා ඇත.

සේවාව

මෙම සේවාව නැව්වලින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව ලෙස හැදින්වේ.
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සැපයීම සඳහා සහභාගි වනු ලබන ආයතන ලියාපදිංචි සේවා සැපයුම්කරුවන් ලෙස හඳුන්වයි.
නෞකා හිමිකරුවන් නැව්පතියන් හා නෞකා නියෝජිතයන් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව ලබා ගතයුත්තේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සැපයීම සඳහා ලියාපදිංචි වූ සැපයුම්කරුවන්ගෙන් පමණි.


උපයෝගි කරගනු ලබන අවස්ථා

නිශ්චිත වරායක සිට යාත්‍රාකරනු ලබන නෞකාවෙන් පමණක් ජනිතවන අපද්‍රව්‍ය සඳහා.
ජිවිත දේපළ හා පරිසරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය බැහැර කිරීමේ අරමුණින් වරායකට පැමිණි නෞකා සදහා.
මෙම නියෝග මුහුදේ යාත්‍රා කරනු ලබන සියලුම ප්‍රමාණයන්ගේ ප්‍රොපල් එකක් සහිත / ප්‍රොපල් එකක් රහිත නෞකා සඳහා අදාල වේ.
ධීවර වරායන් වෙත පැමිණි ධීවර යාත්‍රාවකින් අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ඉල්ලුම් පත්‍රය අදාල ධිවර වරායන්හි කළමනාකරු විසින් අනුමත කල යුතුය.


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ලියාපදිංචි සේවා සැපයුම්කරු

MP/WRS/4 හා MP/WRS/2 ආකෘති වල දක්වා ඇති කොන්දේසි හා විධිවිධාන යටතේ MP/WRS/5 ගිවිසුම/බැදුම්කරය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සමග අත්සන් කල යුතුය.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි කිරීමේ සහතිකය අදාල විශේෂිත වර්ෂයට ප්‍රතිග්‍රහන සේවාව ලබා දීම සදහා පමණක් වේ.
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ සුදුසුකම් ලැබු තැනැත්තා වේ.
MP/WRS/2 බලපත්‍රයට අමතරව MP/WRS/3 (සෑම තනි ප්‍රතිග්‍රහණ කාර්යයක් සදහා) බලපත්‍රය ලබා ගත යුතුය.
MP/WRS/2 දක්වා ඇති කාණ්ඩවල අපද්‍රව්‍ය ලබා ගැනීම සදහා පමණක් අවසර ලබයි.
ලියාපදිංචි සේවා සැපයුම්කරුවන් විසින් තමන් වෙනුවෙන් තනි කාර්යයක් සදහා සේවා බලපත්‍ර ලබා ගැනීමට බලය ලත් අයගේ නම් ලැයිස්තූවක් ඉදිරිපත් කල යුතූය.
ඔබ ආයතනයේ ලිපිනය දුරකථන අංකය ආදීයේ සිදුවන කවර වෙනසක් වුවද වහාම දැනුම් දිය යුතූය.

වාර්ෂික ලියාපදිංචිය

ඉහත සේවාව සැපයීම සදහා කැමති පාර්ශවයන්ගෙන් සෑම වසරකදීම අයදුම්පත් කැදවන අතර සුදුසුකම් ලැබිමේ මිනුම් පහත දැක්වේ:

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
වරාය අධිකාරිය මගින් නිකුත් කරනු ලබන වරාය තුළ ක්‍රියා කිරීම සඳහා වූ බලපත්‍රය (අදාල කාණ්ඩය සඳහා)
අපද්‍රව්‍ය ගබඩා කිරිමල ප්‍රවාහනය, අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කරන ලද වලංගූ අපද්‍රව්‍ය කාල කළමනාකරණ බලපත්‍රය ( 2000 අංක 53 සහ 1988 අංක 56 දරණ පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 අ වගන්තිය සහ අංක 1534/18 දරණ 2008.02.01 දිනැති ගැසට් නිවේදනයේ පරිසර ආරක්ෂණ හා තත්ත්ව රෙගුලාසි හි II කොටසට අනුව දැවිතෙල් අපද්‍රව්‍ය එකතු කිරිම ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම සදහා මෙම අධිකාරියෙන් අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයක් ලබාගත යුතුය. (SWML)
කැලිකසළ බැහැර කිරීම සඳහා අදාල ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන ලද වලංගු බලපත්‍රය.
අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ස්වකීය පුද්ගල ආරක්ෂණ උපකරණ හා පුහුණුව ලත් පුද්ගලයින් ඇති බවට සහතිකයක්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් දෙනු ලබන පිරිවිතර අනුව තෙල් ඉවත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ නඩත්තු කිරීමේ හැකියාව.

නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමග ඉහත (අ) සිට (ඈ) දක්වා වු සහතිකවල පිටපත් සමග මෙම කාර්‍යාලයට ලැබෙන සේ එවිය යුතූය. ප්‍රමාදවි ලැබේන අයදුම්පත්‍ර සදහා 10% පරිපාලන ගාස්තූවක් අයකරනු ලබයි.

ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය

ලියාපදිංචි කිරිමේ සහතිකය අදාල වර්ෂයේ ජනවාරි 01 සිට එම වර්ෂයේ දෙසැම්බර් 31දක්වා වලංගූ වේ.
නිසි අයුරින් සම්පූර්ණ කරනු ලැබූ ඉල්ලුම් පත්‍ර සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ ඕනෑම කාර්යාලයකට ඕනෑම රාජකාරි දිනකදී බාරදිය හැක.
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් අයදුම්පත්‍රය පිලිගත්තේද නැද්ද යන්න පිලිබද ලියාපදිංචි තැපෑල මගින් අයදුම්කරුට දැනුම්දෙනු ලබයි.
අයදුම්පත්‍රය අනුමත විමෙන් පසු වැඩකරන දින 14 ඇතූලතදී නිෂ්චිත ගාස්තූ ගෙවීමෙන් පසු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමග ගිවිසුමකට එලබිය යුතූය.
අයදුම්කරුවෙකූ අපද්‍රව්‍ය කාණ්ඩ එකකට හෝ වැඩි ගණනකට සුදුසුකම් ලැබිය හැක.
ඉහත (ඈ) හි දක්වා ඇති ක්‍රියාවලිය සම්පූර්ණ කිරිමේ පසුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් ලියාපදිංචිය සනාත කරන බලපත්‍රය නිකූත් කරනු ලබයි.


තනි ප්‍රතිග්‍රහන පහසුකමක් සැපයීම සදහා බලපත්‍රය

ප්‍රතිග්‍රහන පහසුකම සැලසීමට බලාපොරොත්තූවන සෑම සේවා සැපයුම්කරුවෙකූටම ඒ සදහා නියමිත ආකෘතියකට අනුව සකස් කරනු ලැබූ ඉල්ලුම්පත්‍රයක් අදාල සේවාව සැපයීමට බලාපොරොත්තූ වන දිනට පෙර වැඩකරන දින එකකට පෙර සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත යොමු කල යුතූය.
ලියාපදිංචි සේවා සැපයුම්කරුවන්ගේ අයදුම්පත් පමණක් පිලිගනු ලබයි.
සතියේ දින වල උදේ 8.30 සිට සවස 4.15 දක්වාද සෙනසුරාදා දින උදේ 9.00 සිට පස්වරු 12.30 දක්වාද සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් බලපත්‍ර භාර ගනු ලබයි.


තනි ප්‍රතිග්‍රහන පහසුකමක් සැපයීම සදහා බලපත්‍රය නිකූත් කිරිම

අයදුම්පත්‍රය සමග නිශ්චිත ගාස්තූ ගෙවන තෙක් බලපත්‍රයක් නිකූත් කරනු නොලබයි.
අයදුම්පත්‍රය පිලිගෙන බලපත්‍රය නිකූත් කරන තෙක් නෞකාවකින් අපද්‍රව්‍ය ලබා ගැනීම කල නොහැක.
ලියාපදිංචි සැපයුම්කරුවන්ට බලපත්‍රයේ සදහන් කාණ්ඩයේ අපද්‍රව්‍ය පමණක් ලබා ගැනිමට පුළුවන.


පරීක්‍ෂා කිරිම

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අවසරයලත් ඕනෑම නිලධාරියෙකූට ප්‍රතිග්‍රහන ක්‍රියාවලියේ සියළුම අංශයන් සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරිම හා පරිසර හිතකාමිව ප්‍රතිග්‍රහන හා බැහැර කිරිම් සිදුවන බව තහවුරු කර ගැනිමට අදාලව සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.
ඉහත ක්‍රියාමාර්ග අමතරව මෙහෙයුම් නතර කිරිම්ද ඇතූලත් වේ.

අධික්‍ෂණය

MP/WRS/3 ආකෘතියේ 1,3 හා 4 කාණ්ඩ වල දක්වා ඇති තොරතූරු සම්පූර්ණකර සේවාව සැපයීමෙන් පැය 72 ඇතූලත නිකූත් කල ස්ථානයට ආපසු ලබා දිය යුතූය.
ඉහත කොන්දේසි කඩ කරනු ලබන අය සදහා අලුත් බලපත්‍ර නිකූත් කිරීමක් සිදු කරනු නොලබයි.

වැරදි

ආරක්‍ෂාකාරි ප්‍රතිග්‍රහන පහසුකමක් සැපයිමට අපොහෙසත්වන අවස්ථාවලදී බලපත්‍රය අවලංගූ කරනු ලබයි.
දිගින් දිගටම ආරක්‍ෂිත ප්‍රතිග්‍රහන සේවා සැපයිම අපොහොසත්විම බලපත්‍රය අවලංගූ කිරිමට හේතූ වේ.
අවලංගූ බලපත්‍රයක් නැවත වලංගූ බාවයට පත්කරනු නොලැබේ.
අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන ක්‍රියාවලියට අදාල සුදුසුකම් ලැබූ තත්වයන් නිසි පරිදි පවත්වාගෙන නොයාම ලියාපදිංචි සේවා සපයන්නකූ වීම අවලංගූවීමට හේතූ වේ.
දෙන ලද නිශ්චිත කාලය තූල ආකෘති පක්‍ර නියමිත පරිදි මෙම අධිකාරියට ලබා නොදීම ලියාපදිංචිය අවංගූ කිරිමට හේතූ වේ.
ලියාපදිංචිය අහෝසි කරනු ලැබූ සේවා සැපයුම්කරුවකූ නැවත ලියාපදිංචි කරනු නොලබයි.(සමුද්‍ර දූෂණය වැලැක්විමේ පනතේ අදාල වගන්තිය යටතේ මෙම වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබයි)

නැව්වලින් ජනනයවූ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම

මධ්‍යම පරිසර අධිකාරයෙන් හෝ පලාත් බලධාරින්ගෙන් ලබා ගත් අවසරය හා ප්‍රමිතීන් වලට අනුකූලව ගබඩා කිරිම හා බැහැකිරිම සිදු කල යුතූය.

ගාස්තූ

අයදුම්පත්‍ර ගාස්තූව රු. 1500.00
කොළඹ වරාය සදහා ලියාපදිංචිවීමේ ගාස්තූ
ඝන අපද්‍රව්‍ය සදහා පමණක් ලියාපදිංචිවිමේ ගාස්තූ රු. 30000.00
තෙල් අපද්‍රව්‍ය සදහා පමණක් ලියාපදිංචිවිමේ ගාස්තූ රු. 70000.00
අනෙකූත් වරායන් සදහා ලියාපදිංචිවිමේ ගාස්තූ
ඝන අපද්‍රව්‍ය සදහා පමණක් ලියාපදිංචිවිමේ ගාස්තූ රු. 7000.00
තෙල් අපද්‍රව්‍ය සදහා පමණක් ලියාපදිංචිවිමේ ගාස්තූ රු. 13000.00
සියලුම වරාය සදහා (තෙල් හා ඝණ අපද්‍රව්‍ය සදහා) රු. 120000.00
තනි ප්‍රතිග්‍රන බලපත්‍ර ගාස්තූ රු. 3000.00
සටහන: වැඩකරන දින සදුදා සිට සිකූරාදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ද සෙනසුරාදා උදෑසන 9.00 සිට පස්වරු 12.00 දක්වා (ඉරිදා සහ නිවාඩු දින අදාල නොවේ)

ගෙවිම්

සගගෙවිය යුතූ නම : සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය

ගෙවිය හැකි ක්‍රම : මුදලින්/බැංකූ අණකරයන් මගින්

තනි ප්‍රතිග්‍රහන මෙහෙයුම් කටයුතූ සිදුකිරිම සදහා වු ක්‍රමවේදය.

MP/WRS/3 ආකෘතිය සම්පූර්ණ කොට නැවේ නියෝජිත ආයතනයෙන් ලබාගත් බලය පවරන ලිපියක් සමග සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට එහි සභාපතිතූමා වෙත ලිපියක් මගින් ඉදිරිපත් කරන්න.
තනි කාර්යය සදහා බලපත්‍ර ගාස්තූව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට ගෙවන්න.
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් නිකූත් කල පිටපත් 05 කින් යුත් MP/WRS/3 ආකෘතිය ලබා ගන්න. ආකෘතියේ පිටපත් මුද්‍රණය කර ඇත්තේ විශේෂිත කාබන් කොලවලය. එබැවින් සියළු සටහන් පෑනකින් මුල් පිටපතෙහි තදින් තැබිය යුතූය.
එම සියළු පිටපත් වරාය අධිකාරියට ලබා දිමෙන් පසු එම අධිකාරියෙහි Navigation අංශය මගින් 3 වන කොටසේ පිටපත ලබාගෙන MP/WRS/3 ආකෘතියේ දෙවන පිටපතෙහි ශ්‍රි ලංකා වරාය අධිකාරිය ලබාදිය යුතූය.
ප්‍රතිග්‍රහන මෙහෙයුම් අවසන්වු පසු මුල් පිටපතේ 14(1) නැවෙහි කපිතාන්වරයා විසින්ද 14(2) කොටසේ සේවා සපයන්නා විසින්ද සම්පර්ණ කොට මුල් පිටපත නැවේ කපිතාන්වරයා වෙත බාරදිය යුතූය.
MP/WRS/3 ආකෘතියේ 5වන කොටස ශ්‍රි ලංකා රේගුවේ පිටපත ලාගෙන එහි 3 වන පිටපත ශ්‍රි ලංකා රේගුවේ ප්‍රධාන නිවාරණ නිලධාරියා වෙත භාරදිය යුතූය.
MP/WRS/3 ආකෘතියේ 6වන කොටසේ අපද්‍රව්‍ය බැහැරකරන ස්ථානයේ අයිතිකරුගේ හෝ අධික්‍ෂණ නිලධාරියාගේන් සහතික කරගත යුතූය.
මෙහෙයුම් නිම කොට පැය 72 ඇතූලත නිසි ලෙස පුරවන ලද 1 වන පිටපත එනම් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට ආපසු යැවිම පිණිස සකස් කර ඇති MP/WRS/3 ආකෘතියෙහි පළමුවන පිටපත සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට ඉදිරිපත් කරන්න.
MP/WRS/3 හි 4 වන පිටපත ලියාපදිංචි සේවා සපයන්නා ලග තබා ගත යුතූය.
කිසියම් මෙහෙයුමක් අවලංගූ කිරිමට සදුවුවහොත් නැව් නියෝජිතගෙන් ඒ බව සනාථ කිරිමේ ලිපියකින් ඉදිරිපත් කරන්න.

හදිසි අනතූරකදී අනුගමනය කල යුතූ ක්‍රියාමාර්ග

වහාම සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය හා වරාය අධිකාරියේ ආරක්‍ෂක අංශය වෙත දැන්විය යුතූය.
තම සම්පත් යොදා හානිය අවම කිරිම සදහා වන ක්‍රියාමාර්ග ආරම්භකල යුතූය.

වාර්ෂික ලියාපදිංචිවීමේ අයදුම්පත්‍රය ලබා ගැනීම සදහා මෙතැන ක්ලික් කරන්න.

තනි ප්‍රතිග්‍රහන පහසුකමක් සැපයීම සදහා බලපත්‍ර අයදුම්පත්‍රය ලබා ගැනීම සදහා මෙතැන ක්ලික් කරන්න.

ලියාපදිංචි නිවේදනය ලබා ගැනීම සදහා මෙතැන ක්ලික් කරන්න.

MP/WRS/4

අවසන් යාවත්කාලීන කිරීම ( 2015 අප්‍රේල් 23 වෙනි බ්‍රහස්පතින්දා, 09:17 )  

පුවත් සහ සිදුවීම්

Official Launching of Glo Fouling Partnerships project held at IMO Head quarters Official Launching of Glo Fouling Partnerships project held at IMO Head quarters, London on 25th October 2018, with the participation of Lea... වැඩිදුරටත්
4th National Symposium - 2018 4th National Symposium on Marine Environment organized by Marine Environment Protection Authority was held on 20th October 2018 at BMICH ... වැඩිදුරටත්
Expert Dialogue Forum - 2018 Expert Dialogue Forum on Marine Environment organized by Marine Environment Protection Authority(MEPA) was held on 19th October 2018 at BMIC... වැඩිදුරටත්
MEPA New Regional Building at Galle Marine Environment Protection Authority opens New Regional Building at Galle   ... වැඩිදුරටත්
International Coastal Cleanup Day 2018   International Coastal Cleanup Day and Marine Resources Conservation Week ----2018   ... වැඩිදුරටත්
Workshop and Training Drill in Puttalam District පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන සහිත කලපු පරිසරය හා සයුර තුළ හදිසි තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබද රාජ්‍ය නිළ... වැඩිදුරටත්
World Oceans day, special three days workshop "ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සහ පිවිතුරු සයුරක් සදහා විසදුම් දිරිමත් කිරීම" යන තේමාව යටතේ ජුනි මස 08වනදින සැමරීමට නියමිත ජ... වැඩිදුරටත්
Three days Workshop on Oil Spill Contingency Plan ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ සිදුවන ඕනෑම හදිසි තෙල් විසිරුමකට හෝ රසායනික දුව්‍ය විසිරුමකට මුහුණ දීම සදහා අප අධිකාරියේ ක්ෂේත්‍ර සහකාරවරු පුහු... වැඩිදුරටත්
Deputy Minister of Environment Hon Ajith Mannapperuma visited at MEPA පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැතිතුමා පසුගිය දින අප අධිකාරියට පැමිණ කළමනාකාරීත්වය සහ සේවක මඩුල්ල සමග විශේෂ සාකච්ඡාවක නිරත ව... වැඩිදුරටත්
Concurrent to World Earth Day ජගත් මිහිකත දිනයට සමගාමීව අප අධිකාරිය, SLYCAN TRUSTසංවිධානය ,ගල්කිස්ස හෝටලය ඇතුළු තවත් ස්වෙච්ඡා සංවිධාන රැසකගේ දායකත්වයෙන් විශේෂ වෙරළ පිරිසි... වැඩිදුරටත්
Awareness Boards in jaffna Jaffna Placing Awareness Boards in jaffna coastal zones (Chartty beach , Gurunagar, Pannai, Navanthurai on 21.12.2017 ) ... වැඩිදුරටත්